Blog

බඩල්කුඹුර මාලිගාතැන්න මහා විද්‍යාලය විවෘත විය

පාසල් වල භෞතික සම්පත් සංවර්ධනය කර සිසු දරුවන්ට නිසි අධ්‍යපනයක් ලබාදීමේ මුලික අරමුණ ඇතිව “ලගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ ලංකාවේ ඉදිකල මුල්ම ළගම පාසල හොදම පාසල වන බඩල්කුඹුර මාලිගාතැන්න මහා විද්‍යාලය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අතින් ඊයේ (23) සිදුවිය.

2016 අයවැය යෝජනා යටතේ ළගම පාසල හොදම පාසල සංකල්පය අනුව ඌවේ පාසල් වල ව්‍යපෘති 1600ක් සදහා රුපියල් මිලියන 4200ක් මධ්‍යම රජයෙන් ලැබී තිබේ. ඒ යටතේ ඌව පළාතේ පාසල් 500ක් ළගම පාසල හොදම පාසල සංකල්පය යටතේ තෝරාගෙන සංවර්ධනය කිරීමේ වැඩ මේ වන විට ආරම්භ කර ඇත.


0