
2016 ඌව පළාත් යෞවන ප්‍රතිභා සම්මාන උළෙල දෙසැම්බර් 15 දින බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.
පළාත් යෞවන කටයුතු අමාත්‍යාංශය සංවිධානය කල මෙම සම්මාන උළෙලට ඌව පළාත නියෝජනය කරමින් වයස අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් 500ක් පමණ දෙනා අතර ගායනය, නර්ථනය කෙට්කථා, චිත්‍ර, වාදන, කෙටි නාට්‍ය, කථික තරග, ජනකවි, පද්‍ය නිර්මාණ, විසිතුරු භාණ්ඩ නිර්මාණ ආදී තරගවලින්තේරීපත්වූ 165කට කුසලතා සහතික, කුසලාන හා මුදල් ත්‍යාග ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය.
ඌව පළාත් යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හදවලපිටිය මහතා සංවිධානය කර තිබූ සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයන් ලෙස ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පළාත් යෞවන කටයුතු අමාත්‍ය සාලිය සුමේධ මහතා ඇතුළු පිරිසක් සහභාගිවිය.
3
JAN
2017
JAN
2017
0