Blog

රැකියා විරහිත උපාධි හා ඩිප්ලෝමාධාරීන් 334කට ගුරු පත්වීම්

ජනපති දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඌව පළාතේ අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ අරමුණින් රැකියා විරහිත උපාධි හා ඩිප්ලෝමාධාරීන් 334කට ගුරු පත්වීම් ප්‍රධානය ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතින් (08) සිදුවිය.

ඌව පළාතේ ගණිත උපාධිය සමත් 67 දෙනෙකුට සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 267 කට පත්වීම් ප්‍රධානය එහිදී සිදුවිය.

පාසල් පාදක ක්‍රමය යටතේ ඌව පළාතේ අති දුෂ්කර පාසල්වල වසර 5ක අනිවාර්ය සේවය සදහා මෙම ගුරුවරුන් යොදවා තිබේ.

පළාතේ පැවති ගණිත ඉංග්‍රීසි ගුරු හිගයට මෙම පත්වීම් වලින් විසදුම් ලැබී ඇත.

ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති මෙම පත්වීම් ප්‍රධානයට පළාත් සභාවේ දේශපාලඥයින් සහ නිලධාරීන් එක්ව සිටියහ.

පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මිය ඇතුළු අමාත්‍යංශයේ නිළධාරීන් උත්සවය සංවිධානය කර තිබිණ.

0