Blog

ඩෙංගු මර්ධන වැඩසටහන

බදුල් ල නගරය අවට ඩෙංගු මදුරුවන් සීඝ්‍රයෙන් බෝවීම නිසා එය වැලැක්වීමට අද ප්‍රෙද්ශයේ සියළුම නිවාස පරික්ෂාකර නීත්‍යානුකුලව කටයුතු කිරීමට හා උපදෙස් ලබාදීමට නිලධාරීන් දහසක් පමණ දෙනෙක් විශේෂ මෙහෙයුමක් දියත් කලහ.

බදුල්ල මහ නගර සභාවේ මහජන පරීක්ෂකවරුන්, පොලීසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් හා ඌව පළාත් සභාවේ නිලධාරීන් එක්ව සිදුකල මෙහෙයුමේදී නිවාස පරීක්ෂාකර නීත්‍යානුකුලව කටයුතු කිරීමට හා අවවාද උපදෙස් ලබාදීම මෙහිදී සිදුවිය.

පසුගිය 2016 වසර තුල බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1118 දෙනෙකු සොයාගත් අතර මේ වසරේ ගතවු දින 19 තුල පමණක්
ඩෙංගු රෝගීන් 105 දෙනෙකු සොයාගෙන තිබෙන බව
මහජන සෞඛ්‍ය පරීක්ෂක වරැන් කියයි.

ඌව පළාත් ආණ්ඩුකාරවර එම්.පී ජයසිංහ මැතිතුමා, ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මිය හා පළාත් පාලන කොමසාරිස් මංගල මිහිරාල් මහතා ඇතුළු රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක විය.

0