Blog

ලුණුගල පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට මිලියන 40ක වියදමින් විදුලිය

1818 වෙල්ලස්ස කැරැල්ලේදී තම ජීවිත ආරක්ෂාවට සැගවී සිටීමට පැමිණ ජනාවාස හදාගත් මුතුන්මිත්තන්ගෙන් පැවත එන පරම්පාරාවක් ජීවත්වන ලුණුගල පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට ප්‍රථම වරට විදුලිය ලබාදීම ඌව පළාත්  ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (14) සිදුවිය.

පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට විදුලිය ලබාදීම සදහා ට්‍රාන්ස්ෆෝමර් තුනක් සවිකර කිලෝමීටර් 20 පමණ දුරක් විදුලි රැහැන් ඇද ගමට විදුලිය ලබාගැනීමට රුපියල් මිලියන 40ක මුදලක් විදුලිබල මණ්ඩලය වැයකර ඇත.

ගම්මානයේ ජීවත්වන පවුල් සීයකට තම නිවසට විදුලිය ලබාගැනීම සදහා සියයට හැටක මුදලක් ලබාදීමේ වැඩසටහන යටතේ ඌව පළාත් සභාව රුපියල් ලක්ෂ 12ක මුදලක් ගම්මානයට ලබාදී තිබේ.

විදුලිය සිහිනයක්ව තිබූ මෙම ගම්මානයේ ගැමියන්ට විදුලිය ලැබීමත් සමග තම දෛනික ජීවිතයේ කටයුතු අලුතින් ආරම්භ කිරීමටත්, කුප්පිලාම්පුවෙන් පාඩම්කරමින් සිටි පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි අයුරින් කරගැනීමටත්, ග්‍රාමීය කර්මාණ්ත ආරම්භ කර ස්ව්‍යංරැකියාවන් කරන බව ගැමියන් කියයි.
පල්ලේකිරුවේ ගැමියන් පුවක්, හේන් ගොවිතැන, රබර්, රඹුටන්, වී ගොවිතැනින් ජීවත්වන පිරිසකි. මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් ඇතුළු ගම් වැසියන් විශාල පිරිසක් එක්විය.

0