[Plugin: WP-Ticker]

අප ගැන

“2006 වර්ෂයට පෙර වෙන වෙනම ආයතන දෙකක් විය. එයින් එකක් පේෂකර්ම දෙපාර්තමේන්තුව නමින් ද අනෙක කර්මාන්ත දෙපාර්තමේන්තුව නමින් ද හැඳින්විණි. 2006 දී ඌව පළාත් සභාව එළඹි තීරණයක ප්‍රතිඵලයක් වශයෙන් ඉහත සඳහන් දෙපාර්තමේන්තු දෙක ඒකාබද්ධකොට කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවනු ලැබී ය. ඉන් පසු එකී එක් එක් දෙපාර්තමේන්තු යටතේ පාලනය වූ සියලුම අංශයන්හී පාලනය, අධීක්ෂණය සහ විවිධ අංශයන් සදහා පහසුකම් සැපයීම කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබේ.”

අපගේ දැක්ම

“රටම පිළිගත් කර්මාන්තකරුවන් බිහි කරන ඌව පළාතේ ප්‍රමුඛයා”

අපගේ මෙහෙවර

“පළාතේ කර්මාන්තකරණයේ නියලෙන්නන් හා කර්මාන්තකරුවන් බවට පත්වීමට බලාපොරොත්තුවන්නන් සඳහා මූල්‍ය, තාක්ෂණික, වෘත්තීය පුහුණුව හා වෙනත් සේවාවන් සාධාරණ හා ප්‍රශස්ථ ආකාරයට පවත්වාගෙන යාම තුළින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන දායකත්වය ඉහළ නංවා පළාතේ ජනතාවගේ ආදායම් තත්වය වර්ධනය කර සමස්ථ ආර්ථික වර්ධනය කිරීමට දායක වීම.”