දෙපාර්තමේන්තුවේ ඓතිහාසික සංවර්ධනය


ග්‍රාමීය මට්ටමට කර්මාන්ත හඳුන්වා දීම මූලික අරමුණ කරගෙන පේෂ කර්ම දෙපාර්තමේන්තුව සහ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී. මීට අමතර අනෙකුත් අරමුණ වූයේ ග්‍රාමීය ප්‍රජාවට රැකියා අවස්ථා ඇති කර දීම සහ දළ ජාතික ආදායමට අමතරව ආදායම එකතු කිරීමත් ය. මේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ග්‍රාමීය මට්ටම සඳහා විවිධ කර්මාන්ත හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හඳුන්වා දෙන ලදී. අත්යන්ත්‍ර, රෙදිපිළි, වඩු කර්මාන්තය, රතු මැටි, වේවැල් නිෂ්පාදනය, කොහු සහ ලුහු ඉංජිනේරු කර්මාන්තය ඒවා අතර විය. එවකට ග්‍රාමීයව පැවති ආර්ථික හා සමාජීය වට පිටාවද මෙම කර්මාන්තයන්හී දියුණුව සඳහා බෙහෙවින් බලපාන ලදී . පැරණි සංඛ්‍යාලේඛන පෙන්නුම්කරන අන්දමට එක් එක් මධ්‍යස්ථානයේ සේවකයන් 25 දෙනෙකුට වැඩි පිරිසක් සේවය කර ඇති අතර ඒවායින් ලැබුණු ආදායම ද ඉහළ මට්ටමක පැවතුණි.

කලින් කලට රජයන්ගේ වෙනස්වීමත් ආර්ථික ප්‍රතිපත්තිවල වෙනස්වීමත් හෙතු කොට‍ගෙන ඇති වු ප්‍රතිඵලයක් වශයෙන් ඇතැම් කර්මාන්ත අංශ පිරිහීමකට ලක් විය. ඊට හේතු වූයේ රාජ්‍ය අංශයේ අවධානය ඉහත කී අංශ සදහා අඩු විමය .

නමුත් මෙකී ග්‍රාමීය කර්මාන්ත හා පුහුණු ආයතන සංවර්ධනය කිරීමේ පැහැදිලි අවශ්‍යතාවක් වර්තමාන රජය සතුව ඇති බව වර්තමාන රජයෙහි දැක්ම දෙස බලන විට දක්නට ලැබේ . මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දැනටමත් මෙකී අංශයේ විශාල වශයෙන් වෙනස්කම් සිදු වී ඇත. ඒවා අතරින් ප්‍රමුඛ වෙනස්කම වන්නේ පේෂකර්ම දෙපාර්තමේන්තුවත් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ කොට එය කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නම් කිරීමය. මීට අමතරව නිෂ්පාදනය, සංවර්ධනය සහ පුහුණුව සඳහා රජයෙන් ප්‍රධානය කෙරෙන මුදල ද වැඩි කර ඇත. එසේම දක්ෂ උපාධිධාරීන් වැඩසටහන් සහකාර හා සංවර්ධන සහකාර වශයෙන් බඳවාගෙන සංවර්ධන අංශ සදහා අනුයුක්ත කර ඇත.