Blog

වසර 27කට පෙර බදවාගත් අභ්‍යාසලාභී ගුරුවරුන්ගේ පත්වීම් ලිපි ප්‍රධානය

ජනාධිපතිතුමන්ගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පළාතේ පාසල් වලට මීට වසර 27කට පෙර බදවාගත් අභ්‍යාසලාභී ගුරුවරුන්ගේ පත්වීම් ලිපිය පෙරදාතම් කර නැවත ගුරු පත්ව්ම් ලිපි ප්‍රධානය හා පාසල් වලට ඉංග්‍රීසි කියවීමේ පොත් ලබාදීමේ උත්සවයක් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සහ ආණ්ඩුකාරවර අධි නීතීඥ එම්.පී ජයසිංහ මහතා අතින් අද 05 දින සිදුවිය.

ඌව පළාතේ ගුරු හිගයට විසදුමක් ලෙස 1990 වසරේදී අභ්‍යාසලාභීන් ලෙස රුපියල් 1000 මාසික වැටුපකට ඌව පළාත් සභාව විසින් මෙම ගුරුවරුන් පාසල් වලට බදවාගෛන තිබිණ.
මෙම බදවා ගත් ගුරුවරුන්ට ගුරු ක්ෂත්‍රයේ නියලීමට ප්‍රමාණවත් අධ්‍යාපනික සුදුසුකම් නොතිබූ නිසා මොවුන් මෙතෙක් අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස සේවයේ නිරත විය.
මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ අදහසක් මත මෙම ගුරුවරුනුත් අනෙකුත් ගුරුවරුන් ලෙස සමානව සැළකීමට මොවුන්ගේ අභ්‍යාසලාභී ගුරු පත්වීම පෙරදාතම්කර ගුරුපත්වීම් ලිපි ලබාදීමට කටයුතු කළාය.
පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයේදී පළාතේ පාසල් වල පුස්තකාල වල ඉංග්‍රිසි කියවීමේ පොත් නොමති පාසල් වලට කියවීමේ
පොත් කට්ටල ප්‍රධානය කිරීමද මෙහිදී සිදුවිය.
ඌව පළාත් අධ්‍යපන අමාතයංශය උත්සවය සංවිධානය කර තිබිණ.

0