Blog

හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේ දී කුඹුක් පැල 2000ක් රෝපනය කිරීම

ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිතිකරගෙන ඌව පළාතේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂාකිරීමේ අරමුණික් පැල ලක්ෂයක් රෝපනය කිරීමේ වැඩසටහනක් (08) දින උදෑසන හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේදී පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඌව පළාතේ ජල පෝෂක ප්‍රදේශ හා නාය යෑම් බහුලව සිදුවන ප්‍රදේශ වල ආරක්ෂාව වෙනුවෙන් කුඹුක්, මී, කොස්, තේක්ක, මිල්ල, හදුන්, ඇහැල වැනි ශාක රෝපනය කිරීමට නියමිතය.

හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේ දී පැවති උත්සවයේ දී කුඹුක් පැල 2000ක් රෝපනය කිරීම පාසැල් සිසු සිසුවියන් අතින් සිදුවිය.

ඌව පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල මෙම පැල සිටුවීමේ අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු
පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් හා විශාල පිරිසක් සහභාගි විය.

0