Blog

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බඩ ඉරිගු බීජ මිළදී ගැනීම සදහා මිළ ගණන් කැදවීම

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මොණරාගල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මඟින් ගොවීන් වෙත බෙදා දීම සඳහා
බඩඉරිඟු බීජ කිලෝ ග්‍රෑම් 3500ක් මිලදී ගැනීමට මිල ගණණ් කැඳවනු ලැබේ.

ලංසු පත් 2020.05.11 දින ප:ව: 2.30 දක්වා භාර ගන්නා අතර , සම්පූර්ණ කරන ලද ලංසුපත් 2020.05.11 දින ප:ව: 2.30 ට පෙර ලැබෙන සේ තැපෑල මගින්, විද්‍යුත් තැපෑල මගින් හෝ අතින් ගෙනවිත් බාර දිය යුතුය.

ලංසු අතින් ගෙනවිත් බාර දෙන්නනේ නම් 2020.05.11 දින ප.ව2.30 ට පෙර ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂගේ නිල කාමරයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට ලංසු බහාලිය යුතුවේ.විද්‍යුත් තැපෑල මඟින් ලංසු ඉදිරිපත් කරන්නේ නම් පහත සඳහන් උපදෙස් මාලාව ඒ අයුරින්ම අනුගමනය කල යුතු වේ.

  1. ඹබගේ ලංසු පහත සඳහන් විද්‍යුත් තැපෑල වෙත පමණක් එවිය යුතුය procurementofagri@gmail.com
  2. එමෙන්ම ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ලංසුපත් pdf ගොනු ආකාරයෙන් එවිය යුතුය.
  3. ඹබගේ විද්‍යුත් තැපැල් ලිපිය විවර කල නොහැකි අන්දමින් මුරපදයකින් (Password) ආරක්ෂා කල යුතුය.
  4. අදාල මුර පදය 2020-05-11 දින ප.ව 2.25-ප.ව 2.30 ත් අතර පහත සඳහන් ජංගම දුරකථන අංකය වෙත කෙටි පණිවිඩයක් මගින් එවිය යුතු වේ.
    සභාපති ප්‍රසම්පාදන මණ්ඩලය – 071-8220632
  5. ලංසු ලේඛන ආයනයේ ලිපි ශීර්ෂය සහිතව ඉදිරිපත් කල යුතු අතර ඉලෙක්ට්‍රොනික් අත්සන සහිතව පවතින්නේ නම් ඉතා වැදගත් වේ.

ඉහත උපදෙස් මාලාවට පරිබාහිරව ඉදිරිපත්වන ලංසු ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ.

මේ සම්බන්දව අවශ්‍ය වැඩි විස්තර 0552222318 දුරකථන අංකය මගින් කාර්යාල වේලාවේදී විමසා ලබා ගත හැකිය.

 

සභාපති (ප්‍රසම්පාදන මණ්ඩලය),
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
රත්වත්ත මාවත,
බදුල්ල

 

0