Blog

ඌව පළාතේ ප්‍රථම හා දිවයිනේ සිව්වන උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය

ඌව පළාතේ ප්‍රථම හා දිවයිනේ සිව්වන උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම 15දින සිදුවිය. බදුල්ල නගරයේ නිතර පැවති මගී තදබදයට විසදුමක් ලෙස ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට මාර්ගය හරහා මාරුවීමට උමං මාර්ගය ඉදිකර තිබේ.
ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයකට අනුව ඉදිකල ඌවේ ප්‍රථම උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය ඉදිකිරීමට ඌව පළාත් සභාව හා බදුල්ල මහ නගර සභාව රුපියල් මිලියන 25ක මුදලක් වැයකර තිබේ.
බදුල්ල නගරයේ නිතර පැවති මගී තදබදයට විසදුමක් ලෙස ඉදිකළ මෙම මාර්ගය නිසා මගී හා වාහන තදබදයට මෙයින් විසදුම් ලැබේ.
ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ ආරාධනාවට ඌව ආණුඩුකාර එම්.පී ජයසිංහ, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා,මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා,සහ ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න,ඇතුලු පක්ෂ විපක්ෂ දේශපාලකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.බදුල්ල මහ නගර සභාව උත්සවය සංවිධානය කර තිබිණ.

0