Blog

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය නිමිත්තෙන් බදුල්ල නගරය ආශ්‍රිත රාජ්‍ය ආයතන අතර පැවති වොලිබෝල් තරගාවලියේ ශූරතාවය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට හිමිවූ අතර අනුශූරතාවය ඌව පළාත් මාර්ග අමාත්‍යාංශයට හිමිවිය.

ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කල රාජ්‍ය ආයතන අතර වොලිබෝල් තරගාවලිය බදුල්ල පාපාන්දු ක්‍රීඩාංගනයේදී 07දින දවස පුරා පැවති අතර රාජ්‍ය ආයතන අටක් නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් තරග සදහා සහභාගි විය.

සමස්ථ තරගාවලියේ ශූරතාවය ලබාගත් අධ්‍යාපන අමාත්‍යාංශ කණ්ඩායමට මුදල් තෑග්ගක් හා කුසලානයක් හිමිවූ අතර අනු ශූරතාවය දිනාගත් මාර්ග අමාත්‍යාංශ කණ්ඩාමට මුදල් ත්‍යාගයක් හා කුසලානයක් හිමිවිය.

ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා ගීතා කාරියවසම් මහත්මිය හා බදුල්ල දිස්ත්‍රික් ක්‍රීඩා අධ්‍යක්ෂක ලක්සිරි බණ්ඩාර මහතා ඇතුඵ නිලධාරින් පිරිසක් මෙම තරගය සංවිධානය කර තිබිණ.

0