Blog

ගැමිලිය විස්කම් 2017

ඌව පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගැමිලිය විස්කම් 2017 මනාලියන් දැක්ම, විලාසිතා දැක්ම හා නව නිර්මාණ ප්‍රදර්ශනය බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඌව පළාතේ පවත්වාගෙන යනු ලබන ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන වල රූපලාවන්‍ය ශිල්පය හා මැහුම්, ගෙතුම්, අත්කම් ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරා සාර්ථකව නිමකල යෞවනියන් විසින් මෙම මනාලියන් දැක්ම හා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වීය.

ඌව පළාතේ යෞවනියන්ට පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දෙනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවෙන් අනතුරුව තරුණියන්ට ස්වයං රැකියාවක් කරගෙන යාමට ආධාර මුදල්, උපදෙස් හා මගපෙන්වීම ද ලබාදෙනු ලැබේ.

ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මියගේ උපදෙස් මත ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උපාලි සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබූ ගැමිලිය විස්කම් ප්‍රදර්ශනය නැරඹීමට ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ හා ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සහතික හා ත්‍යාග ප්‍රධානයක් ද සිදුකලාය.

0