Blog

රථගාල විවෘත කිරිම

ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයක් මත පළාත් සභාවේ ප්‍රතිපාදන මගින් ඌවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව හා බදුල්ල මහ නගර සභාව විසින් ඉදිකල රථගාල විවෘත කිරිම හා රාජ්‍ය සේවයේ රැකියා පත්වීම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් 27 දින සිදුවිය.

බදුල්ල නගරයේ සේනානායක පිටියේ ඉදිකල රථගාල සදහා ඌව පළාත් සභාව රුපියල් මිලියන සියයක මුදලක් වැයකර තිබේ.මෙහි රථවාහන 200ක් නැවැත්වීමට පහසුකම් තිබේ.

බදුල්ල නගරයට දිනපතා පැමිණෙන රථවාහන නැවැත්වීමට මෙතෙක් කාලයක් ස්ථානයක් නොතිබු නිසා දැඩිව පැවති මාර්ග අවහිරතාවයට විසදුමක් ලෙස ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පළාත් සභාවේ මුදල් වැයකර මෙම රථගාල ඉදිකර තිබේ.

0