ශ්‍රී ලංකා දෙරණ තුළ බදුල්ල යනු වෙනස්ම භූගෝලිය කලාපයකි. මෙහි භෞතික භූදර්ශනය බෙහෙවින් සංකීර්ණය. එයම ස්වභාව සෞන්දර්යටත් ආකර්ෂණයටත් හේතු වී ඇත.උතුරින් දුම්බර යටිනැම්මෙන්ද, බටහිරින් පිදුරුතලාගල කඳු වැටියේ නැගෙනහිරින්ද, නිරිතින් හපුතලේ කඳු හා දක්ෂිණ දිශාවෙන්ද, නැගෙනහිරින් නමුණුකුල මඩොල්සිම, ලුණුගල කඳු වලින්ද වයඹින් රාගල ද්‍රෝණියකි. බදුලු ද්‍රෝණිය තුළ වැලිමඩ සානුව තවත් භූ දර්ශනයකි. බදුලු ද්‍රෝණියේ පටු නිම්න ඔස්සේ මහවැලි ගඟට එකතුවන අතු ගංගා අතර උමා ඔය, ලොග්ගල් ඔය, බදුලු ඔය ප්‍රධාන වේ. බටහිර මොහොර බෑවුමේ ප්‍රපාතාකාර බෑවුම ඔස්සේ උමා ඔයෙන් කඳුරු ඔය ඇල්ල, බෝඹුරු ඇල්ල ද බදුළු ඔයෙන් දුන්හිඳ දිය ඇල්ලද දකුණුට ගලන කිරිදි ඔයේ ආරම්භක ප්‍රදේශයේ දියළුම ඇල්ල හා රාවණා ඇල්ලත් මෙහි සංකීර්ණ භූ දර්ශනයෙන් ප්‍ර දේශයට සුන්දරත්වයක් එක් කරයි. බදුලු ද්‍රෝණියේ ගංගා ඛාදනයේ යෞවන අවස්ථාවේ දක්නව ලැබෙන පටු ගැඹුරු නිම්න දොරු දිය ඇලි, ගල් වන ත්‍රිකෝණ කඳු ආදිය ලෙස භෞතික භූ දර්ශනයේ කැපී පෙනෙන භූ රූප හඳුනාගත හැක. මෙහි භෞතික භූ දර්ශනයත් විවිධත්වය දේශගුණයට බලපා ඇත. ඌනථාංශය අනුව උෂ්ණත්වය වෙනස් වේ. මීටර් දෙදහක් උස්වෙන නමුණුකුල කන්දේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 20.6ක් පමණ වන අතර බදුල්ලේදී එය සෙල්සියස් අංශක 31.4 ද ආදී ලෙස විවිධත්වයක් ඇත.

ප්‍රදේශය උස්බිම් ශ්‍රේණියේ පාෂාණ කලාපයට අයත්වන මෙහි විපරිත වූ අවසාදිත ලෙස මාබල්, තිරුවානා, ඩොලමයිට් (ස්පඨික හුණු ගල්) හා විපරිත අග්නේය ලෙස කොණ්ඩලයින් වානෝකයිට්ථ වැනි පැරණිම පාෂාණ වලින්ද යුක්ත වේ. රතු කහ පෙට්සොලික් පස හා දියළු පස තේ වගාවට හා එළවළු හා ධාන්‍ය වගාව වර්ධනයට හේතු වී ඇත.

 

මෙම ප්‍රදේශයේ වැසි රටාව ප්‍රධාන සෘතු 04කි. පළමුවන අන්තර් මෝසම මාර්තු අප්‍රේල් වන සංවහන වැසිද, ජූලි සැප්තැම්බර් නිරිතදිග මෝසමද දෙවන අන්තර් මෝසම සංවහන හා වාසුලි සැප්තැම්බර් අග හා ඔක්තෝබර් නොවැම්බර් වලදී ඊසාන දිග මෝසම් ද දෙසැම්බර් ජනවාරි අග දක්වා ද පවතී. නිරිතදිග මෝසම් කාලයට ප්‍රදේශය පුරා වියලි සුලං හමා යයි. වර්ෂාව අඩු කාලයකි. උෂ්ණත්වය හා වර්ෂාපතන රටාව අනුව මෙම කලාපය කඳුරට වියලි දේශගුණයක් පවතින කාලයකි.