
මහින්ද ගම්මන්පිල කලා විශේෂවේදී උපාධියක්ද, සමාජ විද්‍යාව සම්බන්ධයෙන් බර්මින්හැම් විශ්ව විද්‍යලයේ විශාරද උපාධියක්ද දරන රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරියෙකි. ඔහුගේ විශේෂඥ දැනුම රාජ්‍ය ප්‍රතිපත්ති, සංවර්ධන පරිපාලනය, ප්‍රජා සංවර්ධනය, ශ්‍රම අධ්‍යයන, ඵලදායිතා ප්‍රවර්ධනය සහ ආයතනික හැකියා කළමනාකරණය යන අංශයන්ට කේන්ද්‍ර වී ඇති අතර ඔහු කළමනාකරණ, උපදේශකයකු හා පුහුණුකරුවෙකු වශයෙන්ද සේවය කර ඇත.
අවුරුදු 35ක සිය රාජ්‍ය සේවය තුළ ඔහු පරිපාලන දිස්ත්‍රික්ක සහ කොට්ටාස කිහිපයකම සේවය කර ඇති අතර ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (ස්ලීඩා) හි අතිරේක අධ්‍යක්ෂක, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වැනි ජ්‍යේෂ්ඨ තනතුරු ගණනාවක් හොබවා, අවසානයේ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කර විශ්‍රාම ගොස් ඇත. ජාතික ඵලදායිතා මහලේකම් කාර්යාලය ස්ථාපනය කිරීම, කම්කරු අමාත්‍යාංශයේ JobsNet ජාලය සහ රාජ්‍ය අංශයේ ආයතනයික සහ උපයෝගිතා සංවර්ධනයට වැදගත් වන තවත් මුලපිරීම් ගණනාවක් සඳහා ඔහු දායකත්වය දක්වා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සහ ආසියානු ඵලදායිතා ආයතනයේ වාර්ෂික රැස්වීම් වැනි අන්තර්ජාතික සම්මේලන ගණනාවකදී මහින්ද ගම්මන්පිල මහතා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. විශ්‍රාම යෑමෙන් පසු ඔහු සතොස (සමූපකාර තොග වෙළඳ සංස්ථාව) හි සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ විදේශ ආධාර මත සිදු කරන ව්‍යාපෘතීන්හි ජාතික උපදේශකවරයෙකු වශයෙන් ද , ලෝක බැංකු ආධාර මත ක්‍රියාවට නැංවූ අධ්‍යාපන අංශය සංවර්ධන කිරීමේ රාමුගත වැඩසටහනෙහි අධීක්ෂණ හා කළමනාකරණ උපදේශක වශයෙන් ද සේවය කළේය. එමෙන්ම ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙහි දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ බලය විමධ්‍යගත කිරීම සහ පළාත් පාලනය පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවේ බාහිර කථිකාචාර්යවරයෙකු සහ පාඨමාලා සම-සම්බන්ධීකාරකවරයෙකු වශයෙන්ද සේවය කළේය.

විනිසුරු ඒ.ඩබ්ලිව්.ඒ. සලාම් 1976.09.18 වන දින නීතීඥවරයෙකු වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් අතර, 1982.01.01 වන දින සිට කණිෂ්ඨ අධිකරණයට එක් විය. ඔහු මහේස්ත්රාත්වරයෙකු, දිසා අධිකරණ විනිශ්චයකාරවරයෙකු, අධිකරණ සේවා කොමිසමෙහි ලේකම්, මහාධිකරණ විනිසුරුවරයෙකු සහ වාණිජ මහාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස සේවය කළේය. ඔහු 2007 මාර්තු මාසයේදී අභියාචනාධිකරණ විනිශ්වයකාරවරයෙකු වශයෙන් පත් කෙරුණු අතර පසුව අභියාචනාධිකරණයේ ගරු සභාපති වශයෙන් ද තේරී පත් විය. දශක තුනකට අධික සේවා කාලයකට පසු 2014.09.04 වන දින ඔහු අධිකරණ සේවාවෙන් විශ්‍රාම ගත්තේය. 2015 වසරේ අධිකරණ සේවා සංගමයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු අවධාරණය කර සිටියේ අධිකරණ ස්වාධීනත්වය තුළින් අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පිළිබඳවය.

