News

රථගාල විවෘත කිරිම

ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයක් මත පළාත් සභාවේ ප්‍රතිපාදන මගින් ඌවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව හා බදුල්ල මහ නගර සභාව විසින් ඉදිකල රථගාල විවෘත කිරිම හා රාජ්‍ය සේවයේ රැකියා පත්වීම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් 27 දින සිදුවිය.

බදුල්ල නගරයේ සේනානායක පිටියේ ඉදිකල රථගාල සදහා ඌව පළාත් සභාව රුපියල් මිලියන සියයක මු Continue Reading →

0
ගැමිලිය විස්කම් 2017

ඌව පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගැමිලිය විස්කම් 2017 මනාලියන් දැක්ම, විලාසිතා දැක්ම හා නව නිර්මාණ ප්‍රදර්ශනය බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඌව පළාතේ පවත්වාගෙන යනු ලබන ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන වල රූපලාවන්‍ය ශිල්පය හා මැහුම්, ගෙතුම්, අත්කම් ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරා සාර්ථකව නිමකල යෞවනියන් විසින් මෙම මනාලියන් දැක්ම හා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වීය.

ඌව පළාතේ යෞවනියන්ට පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දෙනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවෙන් අනතුරුව තරුණියන්ට ස්වයං රැකියාවක් කරගෙන යාමට ආධාර මුදල්, උපදෙස් හා මගපෙන්වීම ද ලබාදෙනු ලැබේ.

ග්‍රාම සංවර්ධන ...

Continue Reading →
0
හරසර පිදූම

වර්ෂ 2017ක්වූ සැප්තැම්බර් මස 21 වන දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා මහතාට ඌව පළාත් සභාවේ නිලධාරින් හා සෙසු කාර්ය මණ්ඩලය හරසර පිදූ දා

Continue Reading →
0
ඌවේ රණවිරුවන්ට උපහාර පිදීම

දශක තුනකට අධික කාලයක් මව්බිම වසා ඇවිළුණු යුධ ගිණිදැල් නිවාදමා සාමයේ අරුණළු උදාකරලීමට සිය ජීවිත පුජාවෙන්,ලෙයින් හා දහදියෙන් ජීවිත කැප කළ ඌවේ රණවිරුවන්ට උපහාර පිදීමේ සැමරුම් උත්සවය

 

Continue Reading →

0
ජාතික සංහිදියාව තුලින් සහෝදර පාසල් සංකල්ප ඇති කිරීම

ජාතික සංහිදියාව තුලින් සහෝදර පාසල් සංකල්ප ඇතිකිරීමේ අරමුණින් 2017.04.28 වන දින පස්සර පැල්ගහතැන්න පුහුණු ආයතනයේ දි ඌව, දකුණ, නැගෙනහිර පළාත් වල අධ්‍යපන නිළධාරීන් සමග පැවැත්වු වැඩසටහන

Continue Reading →
0
2016 උසස්පෙළ සමත් විශිෂ්ඨයින්ට ශිෂ්‍යත්ව ප්‍රධානය

ඌව පළාතේ 2016 වර්ෂයේ අ.පො.ස. උ/පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් 120 දෙනෙකු ඇගයීම හා ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම24 දින ඌව පළාත් සභා ශ්‍රවනාගාරයේ දී සිදුවිය.

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෑම වර්ෂයකදීම මෙම ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සංවිධානය කරන අතර මේ වර්ෂයේදී බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක දෙකෙන් අංශ හයෙන්ම විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ප්‍රථම දසදෙනා තෝරාගෙන 120 දෙනෙකු වෙනුවෙන් වර්ෂයක් සදහා රුපියල් ලක්ෂ 12ක මුදල් ශිෂ්‍යත්ව ලබාදීම සිදුකරන ලදී.

ඔවුන්ට ලබාදෙන මෙම රුපියල් 10000 මුදල් ශිෂ්‍යත්වය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ...

Continue Reading →
0
ක්‍රීඩා වර්ණ ප්‍රධානය

2016 වර්ෂයේ ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වී ඉන් ජයග්‍රාහණයන් ලබාගනිමින් ඌව පළාතට කීර්තියක් අත්කරදුන් පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 දෙනෙකු ඇගයීමට ලක්කල ‘’ක්‍රීඩා වර්ණ ප්‍රධානය’’ වැල්ලවාය වරුණගම යුධ හමුදා කදවුරේ පිහිණුම් තටාකාංගන භූම්යේ දී පසුගියදා පැවැත්විය.

Continue Reading →
0
දෙරණාභිෂේක මහෝත්සවය

ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා බලපත්‍ර දසදහසක් ලබා දීමේ දෙරණාභිෂේක මහෝත්සවය 2017 මාර්තු මස 13 වන දින වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

Continue Reading →

0
Page 6 of 8 «...45678