ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිතිකරගෙන ඌව පළාතේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂාකිරීමේ අරමුණික් පැල ලක්ෂයක් රෝපනය කිරීමේ වැඩසටහනක් (08) දින උදෑසන හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේදී පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ඌව පළාතේ ජල පෝෂක ප්‍රදේශ හා නාය යෑම් බහුලව සිදුවන ප්‍රදේශ වල ආරක්ෂාව වෙනුවෙන් කුඹුක්, මී, කොස්, තේක්ක, මිල්ල, හදුන්, ඇහැල වැනි ශාක රෝපනය කිරීමට නියමිතය.
හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේ දී පැවති උත්සවයේ දී කුඹුක් පැල 2000ක් රෝපනය කිරීම පාසැල් සිසු සිසුවියන් අතින් සිදුවිය.
ජනපති දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඌව පළාතේ අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ අරමුණින් රැකියා විරහිත උපාධි හා ඩිප්ලෝමාධාරීන් 334කට ගුරු පත්වීම් ප්‍රධානය ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතින් (08) සිදුවිය.
ඌව පළාතේ ගණිත උපාධිය සමත් 67 දෙනෙකුට සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 267 කට පත්වීම් ප්‍රධානය එහිදී සිදුවිය.
පාසල් පාදක ක්‍රමය යටතේ ඌව පළාතේ අති දුෂ්කර පාසල්වල වසර 5ක අනිවාර්ය සේවය සදහා මෙම ගුරුවරුන් යොදවා තිබේ.
පළාතේ පැවති ගණිත ඉංග්‍රීසි ගුරු හිගයට මෙම පත්වීම් වලින් විසදුම් ලැබී ඇත.
ඌව පළාත් ...
JAN
2017
ඌවේ ඉඩම් අයිතිය නොමැති අය සදහා ඔප්පු 10000ක්
Posted by:
ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පළාතේ ඉඩමක අයිතිය නොමැති 10000ක් දෙනා සදහා ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහන යටතේ (08) දින බණ්ඩාරවෙල නගරසභා ශ්‍රවනාගාරයේ දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමන් ඇතුඵ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් සිදුවිය.
”උපන් බිමේ උරුමය ඌව වෙල්ලස්සට” යන සංකල්පය යටතේ මෙතෙක් ඌවේ ඉඩමක ස්ථිර අයිතිය නොමැතිව සිටි ජනවතාවට දීමනා පත්‍ර හා බලපත්‍ර බෙදාදීම මෙහිදී සිදුවිය.
බණ්ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල, ඌවවරණගම, වැලිමඩ, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පවුල් 10000 සදහා මෙම ඉඩම් ඔප්පු ලබාදෙන ලදී.
ඌව පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව ...
JAN
2017
Online Vehicle Revenue License system for Uva Provincial Council Launched by Hon. Minister of Telecommunication and Digital Infrastructure Mr. Hareen Fernando, Hon. Governor Mr. M.P. Jayasinghe and Chief of Uva Province Mr. Gamini Rajakaruna on 9th January 2017
Continue Reading →JAN
2017
Uva Provincial Council Web Site Launch
Posted by:
https://www.youtube.com/watch?v=G7nzF8R_D-0
Uva Provincial Council Office Web portal Launched by Hon. Minister of Telecommunication and Digital Infrastructure Mr. Hareen Fernando, Hon. Governor Mr. M.P. Jayasinghe and Chief Secrwtaey of Uva Province Mr. Gamini Rajakaruna on 9th January 2017
JAN
2017
2017 වසරේ රාජකාරි ආරම්භ කිරීම
Posted by:
ඌව පළාත් සභාවේ නිලධාරින් 2017 වසරේ රාජකාරි ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ආගමික වතාවත් වල යෙදී ඉන් අනතුරුව පළාත් සභාව ඉදිරිපිටදී රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීය.
ඉන් අනතුරුව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ නිලනිවසේ පැවති තේ පැන් සංග්‍රහයට පළාත් සභාවේ සියඵම නිලධාරින් හා සේවකයින්එක්විය.
JAN
2017
ස්වයං රැකියා උපකරණ කට්ටල බෙදාදීම
Posted by:
අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවසර පුර්ණය නිමිත්තෙන් ඌව පළාත් සභාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී.
ඒ යටතෙහි ඌව පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන් දිරිගැන්වීම සදහා රුපියල් මිලියන 10ක් පමණ වටිනා ස්වයං රැකියා උපකරණ
කට්ටල බෙදාදීම (2017.01.03) සිදුවිය.
JAN
2017
ජනාධිපතිතුමන්ගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පළාතේ පාසල් වලට මීට වසර 27කට පෙර බදවාගත් අභ්‍යාසලාභී ගුරුවරුන්ගේ පත්වීම් ලිපිය පෙරදාතම් කර නැවත ගුරු පත්ව්ම් ලිපි ප්‍රධානය හා පාසල් වලට ඉංග්‍රීසි කියවීමේ පොත් ලබාදීමේ උත්සවයක් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සහ ආණ්ඩුකාරවර අධි නීතීඥ එම්.පී ජයසිංහ මහතා අතින් අද 05 දින සිදුවිය.
ඌව පළාතේ ගුරු හිගයට විසදුමක් ලෙස 1990 වසරේදී අභ්‍යාසලාභීන් ලෙස රුපියල් 1000 මාසික වැටුපකට ඌව පළාත් සභාව විසින් මෙම ගුරුවරුන් පාසල් වලට බදවාගෛන තිබිණ.
මෙම බදවා ගත් ගුරුවරුන්ට ගුරු ...
JAN
2017
2016 ඌව පළාත් යෞවන ප්‍රතිභා සම්මාන උළෙල
Posted by:
2016 ඌව පළාත් යෞවන ප්‍රතිභා සම්මාන උළෙල දෙසැම්බර් 15 දින බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.
පළාත් යෞවන කටයුතු අමාත්‍යාංශය සංවිධානය කල මෙම සම්මාන උළෙලට ඌව පළාත නියෝජනය කරමින් වයස අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් 500ක් පමණ දෙනා අතර ගායනය, නර්ථනය කෙට්කථා, චිත්‍ර, වාදන, කෙටි නාට්‍ය, කථික තරග, ජනකවි, පද්‍ය නිර්මාණ, විසිතුරු භාණ්ඩ නිර්මාණ ආදී තරගවලින්තේරීපත්වූ 165කට කුසලතා සහතික, කුසලාන හා මුදල් ත්‍යාග ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය.
ඌව පළාත් යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හදවලපිටිය මහතා සංවිධානය කර ...
JAN
2017
2017 වාර්ෂික මුදල් ප්‍රකාශය හා විසර්ජන ප්‍රඥප්තිය වැඩි ජන්ද 28 කින් පෙරේදා (30)රාත්‍රී සභා සම්මතවිය.
ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා වන සමන්ත විද්‍යාරත්න සහ ආර්.එම්.ජයවර්ධන යන මහත්වරු දෙදෙනා පමණක් අයවැයට හා විසර්ජන ප්‍රඥ්ප්තියට විරුද්ධව ජන්දය පාවිච්චි කළහ .
වාර්ෂික මුදල් ප්‍රකාශය ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින 28 දා පළාත් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත්දින 3 ක් මුලුල්ලේ අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබද විවාදය පැවැත්විණ.
සභාපති ඒ.එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විම පැවැත්වුන අතර ජන්ද විමසීම ...
JAN
2017







