News

පරිසර සංරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පාගමන

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යංශය ඌව
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ,ඌවපළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ බණ්ඩාරවෙල කළාපයේ පාසල් එක්ව සංවිධානය
කරනු ලැබූ පරිසර සංරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පාගමන

Continue Reading →
0
හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේ දී කුඹුක් පැල 2000ක් රෝපනය කිරීම

ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිතිකරගෙන ඌව පළාතේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂාකිරීමේ අරමුණික් පැල ලක්ෂයක් රෝපනය කිරීමේ වැඩසටහනක් (08) දින උදෑසන හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේදී පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඌව පළාතේ ජල පෝෂක ප්‍රදේශ හා නාය යෑම් බහුලව සිදුවන ප්‍රදේශ වල ආරක්ෂාව වෙනුවෙන් කුඹුක්, මී, කොස්, තේක්ක, මිල්ල, හදුන්, ඇහැල වැනි ශාක රෝපනය කිරීමට නියමිතය.

හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේ දී පැවති උත්සවයේ දී කුඹුක් පැල 2000ක් රෝපනය කිරීම පාසැල් සිසු සිසුවියන් අතින් සිදුවිය.

Continue Reading →
0
රැකියා විරහිත උපාධි හා ඩිප්ලෝමාධාරීන් 334කට ගුරු පත්වීම්

ජනපති දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඌව පළාතේ අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ අරමුණින් රැකියා විරහිත උපාධි හා ඩිප්ලෝමාධාරීන් 334කට ගුරු පත්වීම් ප්‍රධානය ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතින් (08) සිදුවිය.

ඌව පළාතේ ගණිත උපාධිය සමත් 67 දෙනෙකුට සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 267 කට පත්වීම් ප්‍රධානය එහිදී සිදුවිය.

පාසල් පාදක ක්‍රමය යටතේ ඌව පළාතේ අති දුෂ්කර පාසල්වල වසර 5ක අනිවාර්ය සේවය සදහා මෙම ගුරුවරුන් යොදවා තිබේ.

පළාතේ පැවති ගණිත ඉංග්‍රීසි ගුරු හිගයට මෙම පත්වීම් වලින් විසදුම් ලැබී ඇත.

ඌව පළාත් ...

Continue Reading →
0
ඌවේ ඉඩම් අයිතිය නොමැති අය සදහා ඔප්පු 10000ක්

ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පළාතේ ඉඩමක අයිතිය නොමැති 10000ක් දෙනා සදහා ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහන යටතේ (08) දින බණ්ඩාරවෙල නගරසභා ශ්‍රවනාගාරයේ දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමන් ඇතුඵ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් සිදුවිය.

”උපන් බිමේ උරුමය ඌව වෙල්ලස්සට” යන සංකල්පය යටතේ මෙතෙක් ඌවේ ඉඩමක ස්ථිර අයිතිය නොමැතිව සිටි ජනවතාවට දීමනා පත්‍ර හා බලපත්‍ර බෙදාදීම මෙහිදී සිදුවිය.

බණ්ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල, ඌවවරණගම, වැලිමඩ, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පවුල් 10000 සදහා මෙම ඉඩම් ඔප්පු ලබාදෙන ලදී.

ඌව පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව ...

Continue Reading →
0
2017 වසරේ රාජකාරි ආරම්භ කිරීම

ඌව පළාත් සභාවේ නිලධාරින් 2017 වසරේ රාජකාරි ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ආගමික වතාවත් වල යෙදී ඉන් අනතුරුව පළාත් සභාව ඉදිරිපිටදී රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීය.
ඉන් අනතුරුව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ නිලනිවසේ පැවති තේ පැන් සංග්‍රහයට පළාත් සභාවේ සියඵම නිලධාරින් හා සේවකයින්එක්විය.

Continue Reading →
0
ස්වයං රැකියා උපකරණ කට්ටල බෙදාදීම

අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවසර පුර්ණය නිමිත්තෙන් ඌව පළාත් සභාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී.
ඒ යටතෙහි ඌව පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන් දිරිගැන්වීම සදහා රුපියල් මිලියන 10ක් පමණ වටිනා ස්වයං රැකියා උපකරණ
කට්ටල බෙදාදීම (2017.01.03) සිදුවිය.

Continue Reading →
0
වසර 27කට පෙර බදවාගත් අභ්‍යාසලාභී ගුරුවරුන්ගේ පත්වීම් ලිපි ප්‍රධානය

ජනාධිපතිතුමන්ගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පළාතේ පාසල් වලට මීට වසර 27කට පෙර බදවාගත් අභ්‍යාසලාභී ගුරුවරුන්ගේ පත්වීම් ලිපිය පෙරදාතම් කර නැවත ගුරු පත්ව්ම් ලිපි ප්‍රධානය හා පාසල් වලට ඉංග්‍රීසි කියවීමේ පොත් ලබාදීමේ උත්සවයක් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සහ ආණ්ඩුකාරවර අධි නීතීඥ එම්.පී ජයසිංහ මහතා අතින් අද 05 දින සිදුවිය.

ඌව පළාතේ ගුරු හිගයට විසදුමක් ලෙස 1990 වසරේදී අභ්‍යාසලාභීන් ලෙස රුපියල් 1000 මාසික වැටුපකට ඌව පළාත් සභාව විසින් මෙම ගුරුවරුන් පාසල් වලට බදවාගෛන තිබිණ.
මෙම බදවා ගත් ගුරුවරුන්ට ගුරු ...

Continue Reading →
0
Page 8 of 9 «...56789