Blog

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිතුමාගේ ප්‍රයෝජනය සඳහා බදු පදනම මත කුළී නිවාසයක් ලබා ගැනීම වෙනුවෙන් මිළ ගණන් කැඳවීම.

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිතුමාගේ ප්‍රයෝජනය සඳහා

බදු පදනම මත කුළී නිවාසයක් ලබා ගැනීම වෙනුවෙන් මිළ ගණන් කැඳවීම.

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියෙහි සාමාන්‍යාධිකාරිතුමාගේ ප්‍රයෝජනය කිරීම සඳහා බදු පදනම මත කුලී නිවසක් ලබා ගැනීම සඳහා 2024.01.24 දිනට පෙර මිළ ගණන් එම කාර්යාලයට යොමු කරන ලෙස දන්වා සිටිමි.මිළ ගණන් පත් යොමුකිරිමට අවශ්‍ය ලන්සු ආකෘතිපත්‍ර 2024.01.16 වන දින සිට 2024.01.24 දින දක්වා පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා එම කාර්යාලයෙන් ලබා ගත හැකි බවට දන්වා සිටිමි.

අවශ්‍ය පහසුකම් සහ කොන්දේසි ;

  1. නිවස වර්ග අඩි 1000 කට නොඅඩු විය යුතුය
  2. ඌව පළාත් සංකීර්ණයේ සිට කි.මී 02 ක් ඇතුලත පිහිටා තිබිය යුතුය.
  3. මුලුතැන්ගෙයක් ආලින්දයක් නිදන කාමර 02 සහ යාබද නාන කාමරයක් සහිත නිවසක් විය යුතු අතර වාහනයක් ගාල් කිරිම සඳහා පහසුකම් සහිත ගරාජයක් ද තිබිය යුතුය.
  4. අවශ්‍ය සියලුම ගෘහ භාණඩ සහිත විය යුතුය.
  5. මාසික බදු කුලිය රුපියල් 50000.00 කට නොවැඩි විය යුතුය.
0