
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩිදියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද ලුණුගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත්ත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (12) සිදුවිය.
මෙම නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් මිලියන 50ක මුදලක් වැය කර තිබේ.
ලුණුගල ප්‍රාදේශීය සභාව මෙතෙක් කාලයක් කුඩා ගොඩනැගිල්ලක අඩුපාඩුකම් රැසක් මත පවත්වාගෙන ගිය අත මෙම නව ගොඩනැගිල්ල නවීන අයුරින් සියඵ උපකරන සහිතව ලැබීමත් සමග ප්‍රදේශයේ ජනතාවට සිදුකර සේවාවන් කාර්යක්ෂමව කිරීම සදහා අවස්ථාව උදාවී ඇත.
බහුකාර්ය ගොඩනැගිල්ල ද අංග සම්පූර්ණ ශ්‍රවනාගාරයකින් යුතුව සියඵ පහසුකම් සහිතව ප්‍රදේශයේ ජනතාවට සේවාවන් ලබාදීමට ඉදිකර ඇත. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් එක්විය.


FEB
2017
